• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව ව්‍යාපෘති නිම කරන ලද ව්‍යාපෘති

නිම කරන ලද ව්‍යාපෘති

උතුරු මැද පළාතේ අත්පොම්ප නළ ළිං පුනරුත්ථාපනය කිරීම - 2005
  • මේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල නළ ළිං 100 ක් පිරිසිදු කරන ලද අතර අත් පොම්පද පුනරුත්ථාපනය කරන ලදී. මේ වැඩ සටහන ජපන් තානාපති කාර්යාලය විසින් අරමුදල් සපයන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    8.5අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ජනගහනයෙන් 25,000 ක ප්‍රමාණයට ප්‍රතිලාභ සැලසිනි.
මාඋ ආර ජල කළමනාකරණය සම්බන්ධයෙන් භූගත ජල අධීක්ෂණය - 2004
  • මේ ව්‍යාපෘතිය යටතේ වැදගත් රසායනික ප්‍රමිතීන් සඳහා ජල සාම්පල විශ්ලේෂණය කරන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    0.6මේ ව්‍යාපෘතිය යටතේ වැදගත් රසායනික ප්‍රමිතීන් සඳහා ජල සාම්පල විශ්ලේෂණය කරන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළිං අධීක්ෂණය කිරීමේ වැඩසටහන
  • මේ වැඩසටහන කෘෂිකාර්මික සංවර්ධන අධිකාරිය සමග එක්ව ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කරනු ලැබ තිබේ. ව්‍යාපෘති ප්‍රදේශ‍ය තුළ ජලයේ ගුනාත්මකභාවය වෙනස්වීම අධ්‍යයනය කිරීම සඳහා තෝරාගත් ළිං 94 කින් ලබාගත් ජල සාම්පල මාස්පතා විශ්ලේෂණය කරනු ලැබේ. වර්ෂ 1999 සැප්තැම්බර් මස වැඩ ආරම්භ වී වර්ෂ 2001 දී නිම විය.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    0.5පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරමින් දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා භූගත ජල සම්පත් කළමනාකරණය සහ පාලනය.
භූගත ජල සම්පත් දත්ත සංවර්ධනය
  • 1995 සිට පහත දැක්වෙන වැඩ කරනු ලැබ ඇත. සිදුරු විදීම පිළිබඳව කාර්මික සහ රසායනික දත්ත පරිගණක ගත කිරීම සහ ළිං අධීක්ෂණය, සිදුරු විදීම් පිහිටවූ ස්ථාන සංඛ්‍යාත බවට පෙරලීම සහ සිතියම් අලුතෙන් සැකසීම. සියලු වාර්තාවල දත්ත හිස්තැන් පිරවීම, වාර්තා පිළියෙල කිරීම සහ සැකසීම.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    15.0අනාගත භූගත ජල අවශ්‍යතා සඳහා භූගත ජල බැංකු පහසුකම් සහ ජී. අයි. එස්. අලුතෙන් සකස් කිරීම.
වවුනියා දිස්ක්‍රික්කයේ නළ ලිං (1996 – 2005)
  • වවුනියා දිස්ත්‍රික්කයේ අනාථ ජනතාව පදිංචි කරවන ලද ස්ථානවල අත් පොම්ප නළ ළිං තැනීම සහ ඒ සඳහා ආයෝජනය කිරීම 1996 සිට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    11.3අනාථ ජනතාව පදිංචි කරන ලද ස්ථාන සඳහා බීමට ගත හැකි ජලය සැපයීම
උතුරැ නැගෙනහිර පලාතේ පාසල් සදහා නල ලිං ඉදි කිරිම
  • උතුරැ නැගෙනහිර පලාතේ පාසල් සදහා නල ලිං ඉදි කිරිම

    මෙම ව්‍යාපෘතිය 2005 වසරෙදී කෘෂිකර්ම, සමුපකාර සහ හින්දු කතයුතු අමත‍්‍යාංශයේ අධාර මත සිදුකරන ලදි.

හම්බන්තොට නියං සහන ව්‍යාපෘතිය - 2001
  • මේ ව්‍යපෘතිය යටතේ අත් පොම්ප සවිකරන ලද ගැඹුරු නළ ළිං ඉදිකර ජල සැපයුම් ඒකක වලට පරිවර්තනය කරන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    7.4හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් දළ වශයෙන් 10,000 ප්‍රමාණයකට ප්‍රතිලාභ සැලසිනි.
පහත් වළාල, වලවේ සහ කිරිඳි ඔය යන ගංගා දෝනිවල අති දියළු ජලධාර සම්පත් ඇගැයීම
  • භාණ්ඩාගාර ප්‍රදාන ව්‍යාපෘති යටතේ ශීලා විද්‍යාව භූ භෞතික විද්‍යාව ළිංවල ආවේනික ලක්ෂණ සහ පරීක්ෂණ පොම්ප පිළිබඳ දැනට පවතින දත්ත එකතු කරන ලදී. ජල සාම්පල විශ්ලේෂණය කරන ලදී. මේ ව්‍යපෘතිය 1999 ජනවරි මස ආරම්භ වී 2001 දී නිම විය.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    0.86ආර්ථික ක්‍රියාකාරකම් සඳහා භූගත ජල විභව්‍යතා ප්‍රයෝජනයට ගැනීම පිණිස වූ තක්සේරු කිරීම.
වයඹ පළාතේ අයි. එෆ්. ඩී. සහ ඒ. ඩී. බී. කෘෂිකාර්මික ළිං පිළිබඳ වැඩ සටහන
  • මෙය ඒ. ඩී. බී. සහ අයි. එෆ්. ඩී. විසින් අරමුදල් සපයනු ලැබූ ජලසම්පත් සංවර්ධන ව්‍යාපෘතියකි. 1995 සිට 1998 දක්වා වූ කාලය තුල විද්‍යාත්මක විමර්ශනය සහ ජල සාම්පල විශ්ලේෂනය මගින් පිහිටීම් 2077 ක් තෝරා ගනු ලැබ ඇත.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    3.0පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරන ආකාරයට සහ ප්‍රශස්ථ තත්ත්වයෙන් ජල ප්‍රභවයන් කෘෂිකර්මය සඳහා භාවිත කල යුතු හෙයින් කෘෂිකාර්මික ළිං පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම.
භූගත ජල සැපයීම් යෝජනා ක්‍රමය කොග්ගල (ඊ. පී. ඉසෙඩ්) (2004)
  • කොග්ගල අපනයන පිරි සැකසුම් කලාපය සඳහා ජල සැපයුම සහ සම්බන්දිත යටිතල සංවර්ධන වැඩ.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    4.0කාර්මික ව්‍යාපාරවලට ජල සැපයුම ශ්‍රම බලකාය 20,000 අධික අතර ආධාරක සේවා ඒකකය
<< ආරම්භය < පෙර 1 2 3 4 ඊළඟ > අන්තය >>