• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව ව්‍යාපෘති නිම කරන ලද ව්‍යාපෘති

නිම කරන ලද ව්‍යාපෘති

වවුනියා දිස්ත්‍රික්කයේ ළිං අධීක්ෂණය කිරීමේ වැඩසටහන
  • 1999 සිට අනාථ ජනතාව පදිංචි කරන ලද ස්ථාන සහ ගම්බද ජනගහනයෙන් පිරුණු නගර වැනි ප්‍රදේශ ආවරනය කරමින් තෝරාගත් ළිං 85 ක් අධීක්ෂණය කර විශ්ලේෂණය කරන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    6.5පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරමින් දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා භූගත ජල සම්පත් කළමනාකරණය සහ පාලනය.
කුලියාපිටියට ජල සැපයුම් පහසුකම් ලබාදීම
  • කුලියාපිටිය නගරයට සහ සෝමාවතිය චෛත්‍ය භූමියට ජල සැපයුම් පහසුකම් සැපයීමට භූගත ජලය තක්සේරු කිරීම සහ නළ ළිං තැනීම.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    3.2කුලියාපිටියේ 30,000 ජනතාවක් සහ සෝමාවතී පුන්‍ය භූමියේ වන්දනාකරුවන් සහ අනෙකුත් තැනැත්තන් දහදහස් ගණන් ප්‍රතිලාභ ලැබීය.
ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය
  • ඒ. ඩී. බී. ව්‍යාපෘති යටතේ දැදුරු ඔය ද්‍රොණියේ භූගත ජලය ගැන අධීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම පිළිබඳ අධ්‍යයනය (2002 සිට 2003)

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    8.77ඒකීකරණ සංවර්ධන සඳහා, දැදුරු ඔය ද්‍රෝණිය තුල අනාගත ව්‍යාපෘති සැලසුම් කිරීම පිණස දැනට පවතින භූගත ජල විභව්‍යතා තක්සේරු කිරීම.
මොණරාගල දිස්ත්‍රික්කයේ නළ ළිං ගොඩනැගීම
  • 2004 සිට 2005 දක්වා කාලය තුල ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ව්‍යාපෘති යටතේ නල ළිං 73 ක් පානීය ජලය සඳහා ඉදි කරන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    2.4මොණරාගල දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 20,000 ක ප්‍රමාණයකට ප්‍රතිලාභ පාලනය.
මන්නාරම දිස්ත්‍රික්කයේ මැන්රිකැප් වයාපෘතිය (ජේ. අයි. සී. ඒ.)
  • මන්නාරම දිස්ත්‍රික්කයේ මැන්රිකැප් වයාපෘතිය (ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය) JICA– 2005.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    6.3මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම සහ මන්තේ බටහිර යන ප්‍රදේශවල ජනගහනයෙන් 10,000 ක ප්‍රමාණයකට ප්‍රතිලාභ සැලසිනි.
අත්තනගලු ඔය දෝණියේ පහත කොටස් භූගත ජල සම්පත් පිළිබඳ අධ්‍යයනය
  • 1999 ජනවරි මස ආරම්භ වී පහත සඳහන් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන ලදී. වර්ෂාපතනය සහ නල ලිං (borehdes) පිළිබඳ කාර්මික සහ රසායනික දත්ත එකතු කරන ලදී. භූ භෞතික විද්‍යාත්මක විමර්ශන සහ නල ලිං ඉදි කිරීම ක්‍රියාත්මක කරන ලදී. ජල භූවිද්‍යාත්මක සිතියම් සහ අන්තර්වාර්තා පිළියෙල කරන ලදී. මේ ව්‍යාපෘතිය 2001 දී නිමවිය.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    3.3භූගත ජල විභව්‍යතා ප්‍රයෝජනයට ගැනීම පිණිස වූ තක්සේරු කිරීම.
පුත්තලම දිස්ත්‍රික්කය සඳහා භාණ්ඩාගාර ප්‍රදාන ව්‍යාපෘතිය
  • මේ ව්‍යාපෘතිය 1988 දී ආරම්භ විය. පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගා කිරීමේ ප්‍රදේහ වල භූගත ජල අධීක්ෂණ වැඩ සටහන් පද්ධතියක් සැලසුම් කිරීම සඳහා ව්‍යාපෘතිය 2002 දී නිම විය. ඊ. සී. ජල මට්ටම සහ ලවණ සහිත බව දැන ගැනීම සඳහා මාස්පතා ලිං අධීක්ෂණය කරන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    2.88ඉතා වැඩි වශයෙන් භූගත ජල විභව්‍යතා ඇති ප්‍රභේද පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරන ආකාරයට සංවර්ධනය කිරීම සඳහා භූගත ජල සම්පත් කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම.
විශාල වශයෙන් ජලය මුදා හරින නළ ළිං (2001 සිට 2003)
  • රත්නපුර, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තිබෙන ජල සැපයුම් ස්ථාන සඳහා නළ ළිං බලගැන්වීම.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    7.55දල වශයෙන් 20,000 ජනතාවක් ප්‍රතිලාභ ලැබීය. දැඩි නියං කාලවලදී ජල හිඟ කමින් පීඩිතව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා මේ ප්‍රභවයන් නිසි ප්‍රයෝජන සඳහා යොදාගනු ලැබේ.
භූගත ජල සම්පත් පිළිබඳ නියමු අධ්‍යයනය - (පොල් පර්යේෂණ ආයතනය) සී. ආර්. අයි. ව්‍යාපෘතිය - (2003 – 2004)
  • මේ ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල භූවිද්‍යාත්මක විමර්ශන සහ පරීක්ෂණ නළ ළිං කැණීම ක්‍රියාත්මක කරන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    2.8පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරමින් දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා ජල සම්පත් කළමනාකරණය සහ පාලනය.
බී. ඕ. අයි. සඳහා නළ ළිං ගොඩනැගීම
  • මේ වයාපෘතිය යටතේ වර්ෂ 2004 දී කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල නළ ළිං 15 ක් ගොඩනගන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    5.0පන්නල, පූගොඩ සහ හේනේගම ප්‍රදේශවල ජනගහනයෙන් දළ වශයෙන් 25,000 ක ප්‍රමාණයකට ප්‍රතිලාභ සැලසිනි.
<< ආරම්භය < පෙර 1 2 3 4 ඊළඟ > අන්තය >>