• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව අංශ මෙහෙයුම් අංශය
අදාළ අංශ වල උපදෙස් ඇතිව මාසික තාක්ෂණ ප‍්‍රගති වාර්තා රැස් කිරීම සහ මාසික හා කාර්තුමය කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා කෙටුම්පත සැකසීම.
යාන්ත‍්‍රික ඉංජිනේරු වැඩපොළ (II ඇමුණුම), භූගෝලීය තොරතුරු පද්ධති (GIS) ඒකකය සහ ජල සම්පත් මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයේ රසායනාගාරය විචාරාත්මකව අධීක්ෂණය කිරීම හා කි‍්‍රයාකාරකම් සම්බන්ධීකරණය.
යහපත් සේවාර්ථී සබඳතා ගොඩනැගීම, භූගත ජල සංවර්ධනය හා අදාළව ව්‍යාපාරමය අවස්ථා වර්ධනය කිරීම.
භූ ජල විද්‍යා සමීක්ෂණ, කැණීම් ආශි‍්‍රත ඉදිකිරීම් (borehole constructions), ළිං පිරිසිඳු කිරීම, ජල පොම්ප කිරීම් පරීක්ෂා කිරීම, ජල නියැදි පිරික්සීම හා වෙනත් භූ ජල විද්‍යාව ආශි‍්‍රත කටයුතු සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීම.
සැපයුම් අධීක්ෂණය කිරීම හා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය සැපයීම නිසි ලෙස පවත්වාගෙන යාම.
අවසන් කරන ලද වැඩ ඉන්වොයිසයන් මුදල් අංශයට යොමු කිරීම.
සිවිල්,විදුලිමය සහ ජලනළ අළුත්වැඩියාවන්,භූදර්ශන (ගෙවතු,උයන් සැකසුම්)සැකසුම,සනීපාරක්ෂක පද්ධති මනාව පවත්වා ගෙන යාම වැනි ගොඩනැගිලි නඩත්තු කටයුතු.
රාජ්‍ය නියෝජිතායතන/අධිකාරී සඳහා කුඩා පරිමාණයේ ජල සම්පාදන යෝජනා ක‍්‍රම ස්ථාපනය කිරීම භාර ගැනීම (උදා:- පූනෑව නාවික කඳවුර, ආරක්ෂක අමාත්‍යාංශය - මැලේ වීදිය, ඛණිජතෙල් සංස්ථාව - කොළොන්නාව, ආයෝජන මණ්ඩලය - කොග්ගල සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වැනි ආයතන වල වැඩ නිම කරමින් පවතී.)

බිම් සැකසීමේ අංශය
ගැඹුරු නල ළිං ඉදි කිරීම.
නල ළිං සඳහා අත් පොම්ප/ගිල්විය හැකි පොම්ප ස්ථාපනය කිරීම.
නල ළිං පුනරුත්ථාපනය කිරීම සහ ජල-භූ විද්‍යා අංශයේ සහයෝගිතාවය ඇතිව කුඩා ජල සම්පාදන යෝජනා ක‍්‍රම සඳහා නල ඇතිරීම.
විඳුම්යක උපකරණ සහ සම්පිඩක (කොම්පරෙසර) නඩත්තු කිරීම.
රත්මලාන කම්හලේ උපදෙස් ඇතිව ප‍්‍රවාහණ කටයුතු සිදු කිරීම.

අවසන් යාවත්කාලීන කිරීම (2013 පෙබරවාරි 07 වෙනි බ්‍රහස්පතින්දා, 08:06)